May 15, 2019

අත්අඩංගුවට ගත් අයගේ ඥාතින් කළහකාරීව හැසිරෙයි

වයඹ පළාතේ තුළ ඇතිවූ නොසන්සුකාරි සහ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 78 දෙනෙකු අත්අඩංගුවට ගත් පසුව රක්ෂීත බන්ධනාගාරගත කර තිබේ.

ඒ මාරවිල,නිකවැරටිය සහ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කිරීමෙන් පසු අධිකරණ භූමි තුළ නොසන්සුන්කාරී තත්වයක් ද හට ගැනුණි.

නාත්තන්ඩිය කොට්ටරාමුල්ල ඇතුළු ප්‍රදේශ කිපයක පසුගියදා ඇතිවු කලහාකාරි සිද්ධි සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගැනුණු තිස් එක් දෙනෙකු අද (15) පස්වරුවේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා නියෝග කළේ සැකකරුවන් දින 14 කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගර ගතකිරීමටයි.

එහිදී අධිකරණ භූමියට රැස්ව සිටි සැකකරුවන්ගේ ඥාතීන් සහ හිතවතුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ කළහකාරී ලෙස හැසිරීමට පටන්ගත් අතර පොලීසිය , යුද හමුදාව සහ කැරළි මර්දන ඒකකයද එක් වීමෙන් එය මැඩ පැවැත්වුණි.

මේ අතර පසුගිය සඳුදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් නිකවැරටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු 12 දෙනෙක් අද පෙරවරුවේ නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කිරීමට නියෝග කෙරුණි.

එම අවස්ථාවේදී ද අධිකරණය ඉදිරිපිට රැස්ව සිටි සැකකරුවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණේය.

පසුගියදා මිනුවන්ගොඩ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස් පස් දෙනෙකු අද පස්වරුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඉන් තිස් දෙදෙනෙක් එළඹෙන 22 දා දක්වාත් ඉතිරි තිදෙනා එළඹෙන 29 දා දක්වාත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top