ඡායාරූපය : ecns.cn ඡායාරූපය : ecns.cn
May 16, 2019

අධ්‍යාපනය, අන්තවාදය පිටුදකින්නක් විය යුතුයි - යුනෙස්කෝ ප්‍රධානී

ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ සිදුවු ඝාතන විසින් අපට බලකරනු ලබන්නේ දැනුවත් දියුණු සංවාදයක් සමගින් වඩාත් එකමුතුව අන්තවාදයට එරෙහිව සටන් කිරීම බව යුනෙස්කෝ ප්‍රධානී, ඕඩ්‍රෙ අසූලේ මහත්මිය පවසයි.

ඇය මේ බව පවසා සිටියේ ඊයේ (15) සිට චීනයේ බීජිං නුවර ආරම්භ වූ වසර 2019 ආසියානු ශිෂ්ටාචාර කතිකාව පිළිබඳ සමුළුවේ සමාරම්භක උළෙල අමතමිනි.

මෙය, විශේෂයෙන් අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතිය සහ තොරතුරු යන අංශවලින් යුනෙස්කෝ සංවිධානයේ පරමාර්ථයක් බව ඇය පැවසීය.

අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින් ඇය පවසා සිටියේ අධ්‍යාපනයෙන් තොරව සත්‍ය සංවාදයක් ඇති නොවන බවයි.

"අප විසින් ගොඩනැගීමට වෙර දරණ අධ්‍යාපනය, මානව ගෞරවය හා සංවාද ගොඩනැගීම වෙනුවෙන් පහසුකම් සලසමින්, සියලුම දෑ අන්තර්ගත වූ, අන්තවාදය පිටුදකින්නා වූ අධ්‍යාපනයක් විය යුතු," බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

- ශානිකා ජයසේකර බීජිං සිට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top