May 16, 2019

'පැහැදිලි නායකත්වය, ප්‍රචණ්ඩත්වය පිටුදැකීම අත්‍යාවශ්‍යයි'

පාස්කු ඉරිදා දින සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳව කනස්සල්ල පළ කරන බව යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය සඳහන් කරයි.

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සමග ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය මේ බව සඳහන් කර සිටියි.

මේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිදුකළ අත්අඩංගුවට ගැනීම් අගය කරන බවත්, උසිගැන්වීම් හා සමාජ ප්‍රචණ්ඩකාරීත්වයට සම්බන්ධ සියළුදෙනා සඳහා නීතිය සමානව ක්‍රියාත්මක කරගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටින බවද එහි දැක්වේ.

පැහැදිලි නායකත්වයක් මෙන්ම ප්‍රචණ්ඩත්වය හා වෛරය මුළුමනින්ම පිටුදැකීම අත්‍යවශ්‍ය බවත්, සියලු වැසියන් ගේ ආරක්ෂාව හා අයිතීන් සහතික කිරීමට අවශ්‍ය සියලු පියවර රජය විසින් ගතයුතු බවද එම නිවේදනය සඳහන් කරයි.

නොසන්සුන්තාවය සහ අවිශ්වාසය ඇතිකරන්නන් හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව හඬ නගන ලෙසත් ප්‍රජාවන් අතර අවබෝධය හා සමගිය ප්‍රවර්ධනය කිරීමට සෑම උත්සාහයක්ම දරන ලෙසත් දේශපාලන, ආගමික හා අනෙකුත් ප්‍රජා නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ඔවුන් පවසයි.

තවත් ප්‍රචණ්ඩකාරී සිදුවීම් දක්වා වර්ධනය විය හැකි සාවද්‍ය තොරතුරු පැතිර යාම වැළැක්වීම මාධ්‍යයේ ද වගකීම බව එහි වැඩිදුරටත් සැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top