May 20, 2019

මිනුවන්ගොඩ ගැටුම මෙහෙයු කළු ජැකට්කාරයා විපක්ෂ දේශපාලනඥයෙක්

මිනුවන්ගොඩ නගරය හා ඒ අවට පසුගිය 13 වැනදා හටගත් ගැටුම් වලට විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයෙකු හවුල් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

අදාළ දේශපාලනඥයා මිනුවන්ගොඩ වැසියෙකු නොවුනද ඔහු එම ප්‍රදේශයේ සැරිසරමින් පසුගිය 09 වැනිදා සිට රැස්වීම් සංවිධානය කරමින් මේ ගැටුමට ජනතාව පෙළ ගස්වා ඇති බව ද පැවසේ.

මිනුවන්ගොඩ ගැටුම් සිදුවන විට පැය තුනකට අධික කාලයක් එම දේශපාලනඥයා මිනුවන්ගොඩ රැඳී සිට ඇති බවත්, වෙළෙඳ සැල්වල පහරදීමට ඔහු සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මුළුමනින්ම මුහුණ වැසෙන ආකාරයට යතුරු පැදි හිස්වැසුමක් පැළඳ කළු ජැකට්ටුවක් හැඳ වෙළඳසැලට පහරදී ඇති බව ද මේ වන විට හෙළි කරගෙන තිබේ.

ඔහුව ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද මේ අතර වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top