Pasidol
Sathosa Ad Final Sinhala
Jan 20, 2017

සෝභිත හිමිගේ මොටෝ රිය කෝ?

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් භාවිත කළ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථය අතුරුදන් වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

අදාල  සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට ලැබුණු පැමිණිල්ලකට ඒ පිළිබඳ විමර්ශන මෙහෙයවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

පැමිණිල්ල සිදුකර ඇත්තේ කෝට්ටේ නාග විහාරවාසී පූජ්‍ය උඩතලකන්දේ ආරියරත්න හිමියන් ඇතුළු දායකයන් පිරිසක් විසිනි.

මීට මාස හතකට පමණ පෙර සිට අදාළ මෝටර් රථය අතුරුදන් වී ඇති බව එම පැමිණිල්ලේ දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top