Pasidol
Sathosa Ad Final Sinhala
Jan 20, 2017

විදුලි පහන් නිවන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

පෞද්ගලික ව්‍යාපාර හා ආයතනවල ප්‍රචාරණ සහ අලංකරණ කටයුතු සඳහා භාවිත කරන විදුලි පහන් නිවා දමමින් විදුලිය සුරැකීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කර සිටියි.

රාත්‍රී කාලයේ ප්‍රචාරණ කටයුතු සඳහා බොහෝ පෞද්ගලික ආයතනවල භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විශාල වශයෙන් විදුලිය වැය වන බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඉදිරියේදී මතු විය හැකි නියං තත්ත්වය සමග විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

දැන් සිටම විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සියලුදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top