Jun 11, 2019

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට මහාධිකරණයේ නඩු වැටෙයි

අල්ලස් සිද්ධියකට අදාළ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා සම්බන්ධයෙන් කරන ලද විමර්ශන අවසන් කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී මහාධිකරණයේ නඩු පැවරීමට සූදානම් කර ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද (11) අධිකරණයට දැනුම්දුන්නේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ මෙම සිද්ධියට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ දී මෙම සිද්ධියට අදාළව මෙම කරුණු අනාවරණය විය.

සිද්ධියට අදාළ ඉදිරි නඩු දිනය සැප්තැම්බර් 10 වන දින යළි කැඳවීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top