File Photo File Photo
Jun 13, 2019

කොකුවිල් ස්ටේෂන් මාස්ටර්ට ගුටි දීලා : සැක ආවා කල්ලිය

යාපනය, කොක්කුවිල් දුම්රිය ස්ථානයේ උප දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත ඊයේ (12) සවස කිසියම් පිරිසක් පහරදි තුවාල සිදුකොට ඇති බව යාපනය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ දුම්රිය ස්ථානාධිපතිවරයා කොක්කුවිල් මංසන්ධිය ප්‍රදේශයේ සිටියදී නම දෙනෙකුගෙන් පමණ යුතු කණ්ඩායමක් පැමිණ පහරදීම සිදුකොට ඇති බවයි.

පහරදීමෙන් තුවාල ලැබු වයස අවුරුදු 30 ක් පමණ වන දුම්රිය ස්ථානාධිපතිවරයා යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසීය.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ අදාළ පහරදීම ආවා කල්ලිය විසින් සිදුකොට ඇති බවට සැක පළ කරන බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරයා රාජකාරි නිමාවි සිටි අවස්ථාවක පහරදීම සිදුකොට ඇති අතර, පහරදීම සිදුකළ පිරිස සොයා කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසීය.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top