Jan 22, 2017

දෙවැනි විස්සයි - 20 ජය ලංකාවට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් හි අද (22) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි - 20 තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 113 කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ලකුණු 119 ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට සමත් වූහ.

අවසන් පන්දුවාරයට ලකුණු 7ක් ලබා ගැනීමට තිබූ අතර නායක ඇන්ජලෝ මැතිව්ස් හයේ පහර දෙකක් එල්ල කරමින් ජයග්‍රහණය තහවුරු කළේය.

ඔහු අවසන් පන්දුවාරයට මුහුණදෙනු ලැබුවේ පාදයේ ආබාධයකටද ලක්ව සිටිමින්වීම විශේෂිතය. මැතිවුස් නොදැවී ලකුණු 54ක් රැස් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top