Jul 11, 2019

ඥානසාර හිමිට සමාව දීමට එරෙහි පෙත්සම කල්යයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇති බව කියමින් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 10 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම අද(11) බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක බරපතළ සිර දඬුවම් නියම කළ අභියාචනාධිකරණය එම දඬුවම වසර හයකින් ගෙවිය යුතු බවට නියෝගයක් නිකුත් කළ බවත් ,එවැනි බරපතළ චෝදනාවක් ලැබූ පුද්ගලයකුට සමාව ප්‍රදානය කර නිදහස් කර හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක් සිදුවන බව අදාළ පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන්ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top