Jul 12, 2019

කුඩු කිලෝ 60ක් එක්ක 9ක් දැලේ

නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් මත්කුඩු කිලෝ 60ක් සමඟ පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගාලු වරාය ආසන්නයේ මුහුදේදී විදේශීය බෝට්ටුවක් සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර සෝදිසිකිරීම්වලදී හෙරොයින් තොගය සොයාගෙන ඇත.

සැකකරුවන් මේ වනවිට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top