Pasidol
Sathosa Ad Final Sinhala
Jan 24, 2017

'මහේන්ද්‍රන්, මුදල් අමාත්‍යංශයේ නෑ!'

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යංශයේ මහ බැංකු උපදේශකවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බවට පවසන වාර්තා සාවද්‍ය බව එම අමාත්‍යංශය පවසා සිටියි.

අද (24) දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කර සිටින්නේ මහේන්ද්‍රන් මහතා අමාත්‍යංශයේ කිසිඳු තනතුරක කටයුතු නොකරන බවයි.

කෙසේවෙතත්, ඊයේ දිනයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් දුෂණ විරෝධි පෙරමුණ චෝදනා කර සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා යළි මුදල් අමාත්‍යංශයේ මහ බැංකු උපදේශකවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බවයි.

සබැඳි පුවත් :

අර්ජුන තාමත් මුදල් අමාත්‍යංශයේ හොරගල් අහුලනවා !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top