Aug 14, 2019

තුන් රෝදයක් පොඩිපට්ටම් කළ ප්‍රභූ රථයේ නොම්බර තහඩු නෑ (ඡායා)

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේ දී පසුගිය 12 වැනිදා ප්‍රභූ රථ පෙලක් තිරෝද රථයක ගැටී දෙදෙනකු තුවාල ලබා තිබේ.

මොනරාගල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෙම රථ පෙල වැල්ලවාය දෙස සිට මොනරාගල දෙසට ධාවනය වූ තිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

බෙන්ස් රථයේ ගැටුනු තිරෝද රථය පසුව ඩිෆෙන්ඩර් රථයේ ද ගැටි අනතුර සිදු වී ඇති අතර අනතුරින් තිරෝද රථයේ ගමන් කල දෙදෙනකුට මෙසේ තුවාල සිදු වී තිබේ.

තුවාල ලැබූ තිරෝද රථ රියදුරු සහ පසුපස ගමන් කල පුද්ගලයා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළුත් කර ඇති අතර අනතුරින් පසු ප්‍රභූ රථ වල අංක තහඩු ද ගලවා දැමූ බව ප්‍රදේශයේ ජනතාව පවසති.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ මැදගම ප්‍රදේශයේ පදිංචි දෙදෙනකු වන අතර අනතුර සම්බන්ධයෙන් එම රථ වාහන සියල්ලක්ම බුත්තල පොලිසිය වෙත රැගෙන ගොස් තිබූ බවද වාර්තා වේ.

Car Acc 725px 14 08 19

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top