Aug 25, 2019

ජනපතිට කාරක සභාවට එන්නැයි ලිඛිත දැනුම්දීමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පෙනීසිටීමට, දිනයක් සහ වේලාවක් ලබාදෙන්නැයි එම තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

කෙසේවුවද, ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කර සිටියේ තමා තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා නොදෙන බවයි.

යම් හෙයකින් ජනාධිපතිවරයා කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම පැහැරහැරියහොත් එහි අවසන් වාර්තාව සකස්කර භාරදීමට කටයුතු කරන බව ද කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය.

පසුගිය 23 වැනිදා තේරීම් කාරක සභාවේ කටයුතු අවසන් වීමට නියමිතව තිබූ අතර අවසන් වාර්තාව සකස්කර නොතිබූ බැවින් සැප්තැම්බර් 30 වැනිදා දක්වා නිල කාලය දිගුකර තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top