Aug 25, 2019

සජිත් - රාජිත හම්බන්තොටදී මුණ ගැසෙයි (වීඩියෝ)

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හා පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (24) හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේදී මුණ ගැසිණි.

ඒ ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ 18 වන සමුළුව - 2019 සහ සම්මාන ප්‍රධානෝත්සවයේ ආරාධිතයකු ලෙස ප්‍රේමදාස මහතා ඊට එක් වූ අවස්ථාවේදීය.

එම අවස්ථාවට එක්වූ ප්‍රේමදාස මහතා එහිදී කථාවක්ද පැවැත්වීය.

රාජිත මහතා පසුගිය යහපාලන රජය පිහිටුවීමේදී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා බවට පත් කිරීමේ කාර්යයේ ප්‍රබල භූමිකාවක් කළ අයෙකි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top