ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු එක්දින තරගය පැවැත්වීමට නියමිත කරච්චිහි පිහිටි ගඩාෆි ක්‍රීඩාංගනය…. Photograph: Fareed Khan/AP ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු එක්දින තරගය පැවැත්වීමට නියමිත කරච්චිහි පිහිටි ගඩාෆි ක්‍රීඩාංගනය…. Photograph: Fareed Khan/AP
Sep 12, 2019

ජාතික ක්‍රිකට් පිලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් 

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරයට පෙර එරට ආරක්ෂක වාතාවරණය පිළිබඳ විමසුමක් සඳහා සහය වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ක්‍රීඩා අමාත්‍යංශය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එවා තිබූ අනතුරු ඇගවීමක් සැලකිල්ලට ගනිමින් ක්‍රිකට් ආයතනය මෙම ඉල්ලීම කර ඇති බව පැවසේ.

පාකිස්තානු සංචාරය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට විශ්වාසදායක තොරතුරක් ලැබී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ක්‍රිකට් ආයතනයට දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව පාකිස්තානු සංචාරයට පෙර ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළම අවධානයක් යොමුකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලැබී ඇති බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top