Sep 12, 2019

මහේන්ද්‍රන් ඉල්ලා සිංගප්පූරුවට නීති ලේඛන යවයි 

ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සදහා සිංගප්පූරු රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පුරුවේ ඇති ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට යවා ඇතැයි නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මාධ්‍යට පවසා තිබේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහපරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටී. විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පුරූවේ ඇති ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට යවා ඇති පිටු 21,000 ක් පමණ අඩංගු ගොනු වලින් සමන්විත අදාළ ලේඛන  නුදුරු දිනයක සිංගප්පූරූ විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දෙනු ඇතැයිද නිශාරා ජයරත්න මෙනවිය කියා සිටී. 

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අනුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම ස`දහා සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට ලංකාණ්ඩුවට අවකාශ ලැබී ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top