Sep 23, 2019

ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨා ඇතුලු 8 දෙනා නිදහස්

ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩා නඩුවේ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු චූදිතයන් 8 දෙනාම නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියයි අධිකරණය අද (23) නියෝග කළාය.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසරදීමෙන් රජයට රුපියල් කෝටි 1,140 ක් පාඩු කල බවට චෝදනා කරමිනි.

අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව මෙම නඩුව පවරා ඇති බවට, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥවරුන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවයක් ගොණු කර තිබුණි.

එය පිළිනොගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීන්දුව මෙන්ම එය අභියෝගයට ලක් කරමින් ගොනු කල ප්‍රතිශෝධන අයදුම්පත පිළිනොගැනීමට කොළඹ මහාධිකරණය ගත් තීරණයද අභියාචනාධිකරණය විසින් පසුගිය 12 වැනිදා අත්හිටුවනු ලැබීය.

ඒ අනුව අභියාචනාධිකරණයේ නියමය මත විත්තිකරුවන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top