Pasidol
Sathosa Ad Final Sinhala
Jan 29, 2017

සභාපති පට්ටම් කිහිපයක් වෙනස් වෙයි !

ආණ්ඩුවේ සභාපති තනතුරු කිහිපයක් ඉදිරියේදී වෙනස් කිරීමට සුදානම්වන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති උපදේශකයකු ලෙස කටයුතු කරනු ලබන ශිරාල් ලක්තිලක මහතාට පදනම් ආයතනයේ සභාපති ධූරය ද දැනට රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන රවී ජයවර්ධන මහතාට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයද ලබාදීමට සූදානම්වන බව පැවසේ.

ඒ අතර මේවන විට හිස්ව පවතින රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට නිමල් ඒකනායක මහතා ද පත් කිරීමට යන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ජයවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයට යෝජනා කර ඇත්තේ ජනමාධය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා බවද පැවසේ.

වර්තමානයේ පදනම් ආයතනයේ සභාපති ධූරය දරනු ලබන මහාචාර්ය කපිල ගුණසේකර මහතා අදාළ ධූරයෙන් බවත්වීමට ඉල්ලා ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තාකර තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top