Oct 09, 2019

හේමසිරි, පූජිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා වහාම රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය අද (09) නියෝග කර තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔවුන්ට ලබාදුන් ඇප නියෝගය නිෂ්ප්‍රභ කිරීමටයි මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මොවුන්ට ඇප ලබාදීමට ගත් තීරණය දෝශ සහිත බවත් එවැනි තීන්දුවක් ලබාදීමට අධිකරණමය බලයක් නැති බවත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය සිදුකරනු ලැබුවේ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන දෙදෙනාට ඇප ලබාදීමට කොළඹ මහාධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ලබාදෙමිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top