Pasidol
Sathosa Ad Final Sinhala
Jan 30, 2017

සීල් තැබූ සිල්ක් බාර් එක ආයෙත් ඇරලා ! Featured

බිෂොප් කාන්තා විදුහල ආසන්නයේ පවත්වාගෙන යනු ලබන සිල්ක් කැරොකේ බාර් නැමැති අවහන්හල තුළ බලපත්‍ර නොමැතිව දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කරමින් සිටියදී අල්ලාගෙන එයට සීල් තැබීමෙන් පසුව එම අවන්හල එලෙසම නැවත පවත්වාගෙන යනු ලබන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

චීන ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන යනු ලබන අදාළ කැරොකේ අවන්හලට සුරාබදු දෙපාර්තමේන්තුව විසින්  2016 වසරේදී මත්පැන් බලපත්‍ර ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු ගැසට් පත්‍රයද උල්ලංඝනය කරමින් බව පැවසේ.

අදාළ ගැසට් පත්‍රයට අනුව පාසලක් හෝ පූජනීය ස්ථානයක සිට මීටර් 500ක වපසරියක ස්ථානයක් සඳහා මත්පැන් බලපත්‍ර නිකුත් කළ නොහැකි වේ.

කෙසේවුවද, මෙම සිල්ක් කැරොකේ බාර් නැමැති අවහන්හලට 2017 වසරටද මත්පැන් බලපත්‍රය ලබාදීමට යන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ සමබ්නධයෙන් බිෂොප් කාන්තා විදුහලේ සිසුවියන්ගේ දෙමාපියන් විසින් විරෝධය දක්වා ජනපතිවරයාටද ලිපි ලියා ඇති අතර ඒවාට මෙතෙක් පිළිතුරු ලැබී නැතැයි වාර්තා වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top