Nov 07, 2019

තාජුඩීන් ඝාතන නඩුව ලබන මාසෙට කල්යයි

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය දෙසැම්බර් මස මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (07) නියෝග කළේය.

ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා මේ වනවිට අසනීපව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.එම නිසා නඩු විභාගය අවලංගු කර කැඳවීම් දිනයක් ලබා දෙන්නැයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නැවත දැනුම් දීමක් ලද විට පමණක් පෙනී සිටින ලෙස අද දින කොළඹ මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට අවවාද කළේය.

වසීම් තාජුදීන් ඝාතන සිද්ධිය පිළිබඳව සාක්ෂි වසන් කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින්  හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top