Nov 08, 2019

ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 17 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙස අද (08) අභියාචනාධිකරණය නියම කළේය.

එම පැමිණිල්ල අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ ඉකුත්දා ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ නොපවත්වන ලෙස දන්වමින්  මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝග කර තිබූ බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top