Nov 09, 2019

ඡන්ද පත්‍රිකා බෙදීම අවසන්, ලැබුන් නැත්නම් තැපෑලට එන්න

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අදින් අවසන්වීමට නියමිතය.

මේ වනවිට නිල ඡන්ද පත්‍රිකා පනස් හතර ලක්ෂයක් පමණ බෙදා හැර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනන්‍යතාව තහවුරුකර ඡන්ද පත්‍රිකා ලබාගන්න

අද (09) දිනය තුළ ද ඡන්ද පත්‍රිකා නොලැබෙන ඡන්ද දායකයින් ළඟම පිහිටි තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරුකිරීමෙන් පසු එම ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගන්නා ලෙස මැතිවරණ කොමිසම සඳහන් කරයි.

පසුගිය 25 වැනිදා ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම ආරම්භ කළේය.

හැදුනුම්පත් නිකුත් කිරීමත් අදින් ඉවරයි

මේ අතර ජනාධිපතිවරණය වෙනුවෙන් තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීම අදින් අවසන් වේ.

පසුගිය 18 වැනිදා සිට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top