Nov 10, 2019

ඡන්ද පත්‍රිකා බෙදා අවසන්, නොලැබුණු අය තැපෑලෙන් ගන්න

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඊයේ (09) දිනයෙන් අවසන් විය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 98%ක් අදාළ කාලය තුළ බෙදා හැරී බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙතෙක් කිසියම් ඡන්ද දායකයෙකුට තම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණේ නම් තමන්ට අයත් තැපැල් කාර්යාලයෙන් එය ලබා ගන්නා ලෙස තැපැල්පතිවරයා ඉල්ලීමක් කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top