Nov 20, 2019

අගමැති අස්වෙන්නේ නැහැ: මංගලගේ තීන්දුව ප්ලෑන් අවුල් කරයි Featured

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට සූදානම්වන බවට පලව ඇති පුවත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය කිසිවක් නොදන්නා බව අප කළ විමසීකදී කියා සිටියේය.

එසේම අගමැතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ ව්‍යවස්ථානු කූලව කටයුතු කරමින් කඩිනම් මහ මැතිවරණයකට යාම බව එම පාර්ශවයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඊයේ (19) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව ඇති අතර එහිදී විපක්ෂ නායකවරයා, අග්‍රාමාත්‍යවරයා හා කථානායකවරයා අතර ඇතිකරගත් එකඟතා මත කටයුතු කිරීමට සාකච්ඡා කර තිබේ.

අගමැතිවරයා ඉවත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ද මෙතෙක් දැනුම්දීමක් නැතැයි අප කළ විමසීමකදී වාර්තා වේ.

නලින් බණ්ඩාරගේ මාධ්‍ය හමුව

මේ අතර, ඊයේ දහවල් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා හදිස්සි මාධ්‍ය සාකච්ඡාවක් කැඳවනු ලැබුවේ කිසිවකු දැනුවත් නොකර බව පැවසේ.

එසේම ඔහු අදාළ මාධ්‍ය සාකච්ඡාව කැඳවා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ හමුවන බවට වාර්තා තිබියදීය.

අස්වුණේ සිහින කැබිනට්ටුව

මේ අතර, මේවන විට සිය ධූරවලින් ඉවත්වී ඇති අමාත්‍යවරුන් සියලුදෙනා ඉදිරි භාරකාර ආණ්ඩුවේ ඇමතිධූර දැරීමට සූදානම්වීම සඳහා ඒවායින් ඉවත්ව ඇති බවද එජාප අභ්‍යන්තර ආරංචි මර්ගවලින් වාර්තා වේ.

ප්ලෑන් අවුල් කළ මංගලගේ ඉවත්වීම

මේ අතර, සජිත්ගේ පරාජයෙන් පසුව නිල වශයෙන් ඉල්ලා අස්වීමක් ලබාදී මුදල් අමාත්‍ය ධූරයෙන් මංගල සමරවීර මහතා ඉවත්වීම භාරකාර ආණ්ඩු සිහිනයක සිටි සියල්ලන්ගේ සිහින අවුල් කළ බවද මේ අතර වාර්තා වේ.

සමරවීර මහතාගේ ඉවත්වීන් පසුව ආණ්ඩුව තවදුරටත් රැගෙන යාමට එජාපයේ පිරිසක් උත්සාහ ගෙන ඇති අතර කෙසේවුවද, අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයාට විශාල ජනවරමක් ලැබී තිබියදී එලෙස කිරීම නොවටින බැවින් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවාහැර අලුත් පාර්ලිමේන්තුවක් සැකසීම වඩාත් වැදගත් බව යැයි පැවසේ.

ජනපතිට අගමැති අයින් කරන්න බැහැ

වසර 4 1/2 ක් යන තෙක් ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමට ව්‍යවස්ථානුකූල බලයක් නොවේ.

එය මේවන විට අධිකරණය විසින්ද පිළිගෙන තිබෙන කාරණාවකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top