Dec 02, 2019

පාර්ලිමේන්තු සැසිවාරය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

පාර්ලිමේන්තු සැසිවාරය අද (02) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත මේ වන විට ලැබී ඇති බව වාර්තා වේ.

මුද්‍රණාලාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය සඳහන් කළේ, අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතු නිවේදනය මීට ටික වේලාවකට පෙර තමන් වෙත ලැබුණු බව ඇය සඳහන් කළා ය.

නව වසරේ පාර්ලිමේන්තු සැසිවාරය ලබන ජනවාරි තෙවැනි සතියේ සිකුරාදා ආරම්භ කිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top