OPEN

#

OPEN

#

Dec 08, 2019

SLBC පරිපාලන නිලධාරිනියට කරදර කළ පොහොට්ටු නායකයෝ අමාරුවේ Featured

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පොහොට්ටු කම්කරු වෘත්තීය සමිතියේ පිරිසක් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) සිරිමලී මහත්මියගේ කාර්යාලයට කඩා වැදී තර්ජනයකර බැණ වැදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජනමාධ්‍ය අමාත්‍යංශය පාලනාධිකාරියට උපදෙස්දී ඇතැයි වාර්තා වේ.

එම වෘත්තීය සමිතියේ නායක සුසන්ත කරුණාරත්න, තුෂාර සන්දනායක, කෞෂල්‍යා රණසිංහ, එස්. චමින්ද හා තුෂාරී නම් අයට මේ චෝදනා එල්ලවී ඇති බවද පැවසේ.

අදාළ සිද්ධිය සම්බන්ධ කාරණාව ජනපති කාර්යාලය දක්වාම ගොස් ඇති බවත්, වරදක් කර ඇතොත් පක්ෂ පාට නොබලා දඬුවම් කරන ලෙස එහි පරිපාලනයෙන් උපදෙස් ලැබී ඇතැයි ද ගුවන්විදුලි සංස්ථා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top