OPEN

#

OPEN

#

Jan 15, 2020

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන තෛපොංගල් අදයි

"අස්වැන්න නෙලීමේ උත්සවය" යන අරුත් දෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද (15) සමරනු ලබයි.

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි". 

මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකයි. හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීම මෙම සුර්ය මංගල දිනයේ දී සිදු කරනු ලැබේ.

වසර 2000කට වඩා පැරණි මෙම උත්සවය සෞභාගය සහ ස්තුති කිරීම හා බැදී පවතී. මෙහිදී තම අස්වැන්න සරු විමට උපකර කළ වර්ෂාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කිරීම සඳහා මෙම උත්සවය පවත්වනු ලැබේ.

ජනාධිපතිගේ තෛපොංගල් පණිවුඩය

මේ අතර ලෝකවාසී දෙමළ ජනතාව හරසරින් පිළිගන්නා තෛපොංගල් මංගල්‍යයෙන් අපේක්ෂිත අරමුණ සාධණය කර ගැනීමට නම් ලංකාවාසි සියලු දෙනා එකිනෙකා අවබෝධ කරගන්නා වාතාවරණයක් ඇතිකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා ආකල්පමය මෙන්ම ක්‍රියාවෙන්ද යථාර්ථයක් බවට පත් කරගැනීමට පියවර ගතයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top