මන්ත්‍රීවරයාගේ හඩ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මාදිවෙල පිහිටි රන්ජන් රාමනායක මහතාගේ නිවසේදී ඊයේ (14) පස්වරු 6.20ට පමණ ඔහු අත්අඩංගුවට ගැනුණේ නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නිකුත් කළ වරෙන්තුවකට අනුවය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ සුවිශේෂි තත්ත්වයක් යටතේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පැවරීමට බලාපොරොත්තු වන බවයි.
රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහිත හඬපටවලින් අධිකරණ ක්‍රියාවලිය විශාල කඩා වැටීමකට ලක්ව ඇති බැවින්, ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ අධිකරණ විනිසුරුවරයෙකුගේ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමේ චෝදනා යටතේය.
මෙම චෝදනාව යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට වීමද විශේෂ සිදුවීමකි.