OPEN

#

OPEN

#

Jan 16, 2020

තාජුඩීන් නඩුවට අදාල විමසීම් මාර්තුවට කල් යයි

හිටපු රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ විමසීම මාර්තු මස 02 වැනිද‍ා සිදු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (16) නියෝග කළේය.

විත්තිකරු වන අනුර සේනානායක අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු රෝගි තත්ත්වයකින් පසුවන බැවින් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි තත්ත්වයකින් පසුවන බව විත්ති පාර්ශ්වය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව විත්තිකරු නොමැතිව සාක්ෂි විමසීමට ඇති හැකියාව පිළිබඳ කරුණු විමසීම මාර්තු මස 02 වැනිදා සිදු කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය. 

දෙපාර්ශවයේ සාක්ෂි ලැයිස්තු ජනවාරි මස 30 වැනිදා ට පෙර ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා දැනුම් දුන්නේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top