අදාළ සමාගම පළමු පන්තියේ කොන්ත්‍රාත් සමාගමක් බවත් අදාළ කොන්ත්‍රාත්තුව එම සමාගමට තමන් ලබා නොදුන් බවත් ඒ මහතා කීය.
කිරිඇල්ල මහතා මේබව හෙළිකර ඇත්තේ මහනුවර පැවැති මාධ්‍යය හමුවකදීය.
මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝ මීටර 40 ක දුර ගොඩ නැඟීම සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබාදුන් බවත් එය කිලෝ මීටර 2 1/2 බැගින් කොන්ත්‍රාත් කරුවන් 16 දෙනෙකු අතර බෙදී ගිය බවත් හෙතෙම කියා සිටී.
දයා ගමගේ මහතාට අයිති සමාගම මගින් කිලෝ මීටර 2 1/2 ක දුරක් ඉදි කිරීම සඳහා මුදල් ලබාගෙන ඉදි කිරීම් නොකළ බව තමන්ද පිළිගන්නා බවත් එම මුදල් ආණ්ඩුව විසින් ගෙවීමේ වගකීමක් නොමැති බවත් කිරිඇල්ල මහතා කීය.
කිලෝ මීටර් 40 ක දුර කිලෝ මීටර් 10 යේ කොටස් වලට වෙන්කර ඒ එක් එක් කොටසක් සඳහා ටෙන්ඩර් කරුවන් අතරින් කණ්ඩායම් නායකයෙකු පත්කර ගත් බවත් එක් කණ්ඩායමක කවුරුන් හෝ මුදල් ලබාගෙන ඉදි කිරීම් නොකළහොත් කණ්ඩායම් නායක ඊට වගකිව යුතු ලෙස ගිවිසුම් අත්සන් කර තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
මේ සඳහා බැංකු ප්‍රදානයන්ද ලබාගෙන තිබෙන බවත් දයා ගමගේ මහතාට අයත් සමාගම අයත් කණ්ඩායමේ නායකත්වය සියරා (Sierra Construction LTD) සමාගම දරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මෙම කිලෝ මීටර 40 න් දැන් වැඩ ඉතිරිවී තිබෙන්නේ කිලෝ මීටර දෙකක පමණක් බවත් එහි වැඩ ඉක්මනින් අවසන් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් කිරිඇල්ල මහතා කීය.