Feb 14, 2020

මිග් යනා ගනුදෙනුවට හිටපු තානාපති CIDයේ අත්අඩංගුවට

මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පිට ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබ සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු තානාපතිවරයා අද අලුයම 4.37 ට මස්කට් සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි බව වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top