Feb 15, 2020

SMS ඔස්සේ හුවමාරුවන ඡායාරූප නිරුවත්කර විකුණන ජාවාරමක්

සමාජ ජාලා මාධ්‍යයන්හි සැරිසරද්දී නාඳුනන පුද්ගලයන් සමඟ කෙටි පණිවිඩ (එස්එම්එස්) ඔස්සේ සබඳතා පවත්වද්දී තමන්ගේ හෝ වෙනත් අයගේ ඡායාරූප හුවමාරු කර නොගන්නා ලෙස පොලිසිය ජනතාවට අවවාද කරයි.

ජාවාරම්කාර පුද්ගලයන් විසින් කෙටි පණිවිඩ ඔස්සේ සම්බන්ධ වන අයගේ ඡායාරූප ලබාගෙන ඒවා නිරුවත් ඡායාරූප හා සංස්කරණය කොට දේශීය හා විදේශීය වෙබ් අඩවිවලට විකුණන ජාවාරම් සිදුවන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පැවසේ.

එම නිසා මෙවැනි වංචාකාර පුද්ගලයන් ගැන අවධානයෙන් සිටින ලෙසත් එවැනි පුද්ගලයන් ගැන යම් හෝඩුවාවක් ලැබුණහොත් පොලිසියට දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලා සිටී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top