Feb 15, 2020

රියදුරු බලපත්‍රය පැය තුනෙන්

රියදුරු බලපත්‍රය උපරිම වෙලාව පැය තුනක් ඇතුලත ඉල්ලුම්කරුවන්ට ලබා දීමට හැකියාව පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම දෙපාර්තමේන්තුවේ හදිසි සංචාරයකට එක වෙමින් එහි අඩුපාඩු සොයා බැලු අතර වහාම ජනතාව රස්තියාදු නොකර කඩිනමින් සේවය ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට ජනපතිවරයා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට එහි පසු විපරම් කරන්නටද උපදෙස් ලබා දුන් අතර එම ක්‍රියාවලියේ ප්‍රතිපලය ලෙස මෙසේ කඩිනමින් රියදුරු බලපත්‍රය ලබා දීම සිදු කිරීමට හැකියාව ලැබී තිබේ.

එමෙන්ම රියදුරු බලපත්‍ර ලබාදෙන වේලාවද අයදුම්කරුවන්ට කෙටි පණිවුඩ මාර්ගයෙන් දැනුම් දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top