Feb 22, 2020

හම්බන්තොට හයිවේයන ජනපති, අගමැතිගේ වාහන ගාස්තුවලින් නිදහස්

දක්ෂිණ අධි­වේගී මාර්ගය හම්බ­න්තොට දක්වා ජන­තා­වට පවරා දීම හෙට (23) පස්වරු 3.00ට මාතර ගොඩ­ගම පිවි­සුම අස­ලදී සිදු කෙරේ.

ඒ නිමි­ත්තෙන් පව­ත්වනු ලබන විශේෂ උත්ස­වය පස්වරු 4.00ට බර­ව­කු­ඹුක (වැටිය) පිවි­සුම අස­ලදී සිදු කිරීමට නියමිතය.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ හා අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහ­ත්වරුන් විසින් මාර්ගය ජන­තා­වට පවරා දීම සිදු කිරීමට නියමිතය.

මේ මාර්ගය විවෘත කිරී­මත් සමඟ කොළඹ සිට හම්බ­න්තොට දක්වා පැය 2 ½කින් ගමන් කළ හැකිවේ.

එසේම කත­ර­ගම දක්වාම පැය 3 ½කින් ගමන් කළ හැකි වේ.

ගාස්තු

මේ අතර, මාතර සිට මත්තල දක්වා අලුතින් ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ග කොටස භාවිතා කරන වාහන සඳහා ගාස්තු අය කෙරෙන බව සඳහන් කරමින් මාර්ග සහ මහාමාර්ග අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඇක්සල් දෙකක් සහ රෝද හතරක් සහිත වාහනයකට කොට්ටාවේ සිට මත්තල දක්වා රුපියල් 750 ක් ද කඩවත සිට මත්තල දක්වා රුපියල් 850 ක්ද කටුනායක සිට මත්තල දක්වා රුපියල් 950 ක්ද ලෙස ගාස්තු අය කෙරේ.

ඇක්සල දෙකක් සහ රෝද හයක් ඇති වාහන සඳහා කොට්ටාවේ සිට මත්තල දක්නා රුපියල් 1400 ක්ද කටුනායක සිට මත්තලට රුපියල් 1800 ක්ද කඩවත සිට මත්තල දක්වා රුපියල් 1500 කද ලෙස ගාස්තු අයකෙරේ.

ඇක්සල දෙකට වැඩි වාහන සඳහා කොට්ටාව සිට මත්තලට රුපියල් 2400 ක් ද කටුනායක සිට මත්තල දක්වා රුපියල් 3000 ක් ද සහ කඩවත සිට මත්තල දක්වා රුපියල් 2650 ක් ද ලෙස ගාස්තු අයකරබව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

අධිවේගි මාර්ගයේ ගමන් ගන්නා ජනාධිපති ආරක්ෂක රථ පෙළට අයත් සියලු වාහන සහ අගමැති ආරක්ෂක රථ පෙළට අයත් සියලු වාහන ගාස්තු වලින් නිදහස් කරන බවද එහි සඳහන් කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top