Mar 26, 2020

ඇඳිරිනීතිය අප්‍රේල් පළමු සතිය තෙක් !

Covid-19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා දැනට පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් මස පළමු සතිය අවසන් වන තුරු බලාත්මක කිරීමට ඇමැති මණ්ඩලය ඊයේ (25) අවධානය යොමු කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී Covid-19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ජනතාවට අවශ්‍ය සහන ලබා දෙමින් දැඩි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

අඩු ආදායම්ලාභී ජනතාවට බඩු මල්ලක් ප්‍රදානය කිරීම ගැනද මෙහිදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

දිස්ත්‍රික්ක 9 ක් හැර සෙසු පළාත්වල ඇඳිරි නීතිය ඉවතට

කොළඹ, ගම්පහ , කළුතර , පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර තිබු ඇඳිරි නීතිය අද (26) උදෑසන 6ට ඉවත් කෙරිණි.

(අරුණ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top