Mar 30, 2020

දුරකථන සම්බන්ධතා විසන්ධි කිරීම වහාම අත්හිටුවන්න නියෝගයක් !

රටේ පවතින තත්වය හේතුවෙන් ජනතාවගේ දුරකථන සම්බන්ධතා සහ අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම TV සම්බන්ධතා විසන්ධි කිරීමකින් තොරව ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සියලුම සන්නිවේදන සේවා ආයතන වලට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඒ පිළිබඳව TRCSL විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

කෙසේවුවද, මේ දිනවල අන්තර්ජාල මෙන්ම දුරකථන සම්බන්ධතාවයන් බිල් නොගෙවීම නිසා විසන්ධි කරන බවට සහ පාරිභෝගිකයිනට අදාළ සමාගම් කිසිදු සහනයක් ලබා නොදෙන බවට ජනතාව චෝදනා කරමින් සමාජ ජාල ඔස්සේ චෝදනා එල්ල කර තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top