Apr 03, 2020

PHI ගැටලුවලට විසඳුම් ලැබෙයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යවරිය විසඳුම් දුන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

එසේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ගරුත්වය ද නැතිවීමට එයට හේතුවක් වූ බවද ඇය ප්‍රකාශ කළාය.

පෙරේදා (01) මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණෝ කොරෝනා මර්දන මෙහෙයුම් සදහා එක්ව සිටින සිය නිලධාරීන්ට මුහුණපෑමට සිදු වූවා යැයි පැවැසෙන කරුණු 04 ක් මුල්කරගෙන (අවම ආරක්ෂිත පහසුකම් නොසැපයීම, ක්ෂේත්‍ර රාජකාරී සදහා ප්‍රවාහන පහසුකම් නොසැපයීම, ආහාර ඇතුලු මුලික පහසුකම් නොසැපයීම, අත්‍යාවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් නොකරමින් නිලධාරීන් අවධානමේ හෙළීම) අවම පහසුකම් හෝ සැපයීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන 04 දින සිට එම කටයුතුවලින් ඉවත් වන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් කැදවා එම අවස්ථාවේම ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබාදීමට කටයුතු කරන ලදි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top