Apr 04, 2020

LOCKDOWN කතාව පචයක්: පච හැදූ හා බෙදූ අය CIDය සොයයි

අප්‍රේල් 10 සිට 15 දක්වා කාලය ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම වසා දැමීමට (Lockdown) සුදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරේ කිසිදු සත්‍යතාවයක් නැතැයි පොලිස් මුලස්ථානය අවධාරණය කළේය.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ, රජය විසින් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැති බව මහජනතාවට දන්වා සිටින බවය.

එවැනි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු කිරීම නොකළ යුතු බවට ද පොලීසිය මහජනතාවට අවවාද කර සිටි.

අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා තුළ මුදා හරින හා බෙදා හරින තැනැත්තන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top