සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලෙස සැලැකේ.
කෙසේවුවද, Covid-19 වෛරසය පාලනය කිරීමට මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරමින් සිදුකරන ලෙස රජය ඉල්ලා තිබේ.
මේ අතර, මෙම පීඩාකාරී තත්ත්වය හේතුවෙන් නැකැත් චාරිත්‍ර තමාට හැකි පරිදි තම නිවසේ සාමාජිකයින් සමඟ සිදුකිරීමට පියවර ගන්නා ලෙස බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයද ඉල්ලීමක් කර තිබේ.
මෙම වාතාවරණය තුළ වෙනදා දකින්නට ලැබෙන අලුත් අවුරුදු සූදානම මෙවර දකින්නට ලැබුණේ නැහැ.
පුණ්‍ය කාලය
පුණ්‍ය කාලය අද (13) අපරභාග 1.59 සිට පසුදින අලුයම 2.47 දක්වා ක්‍රියාත්මක බැවින් හෙට අපරභාග 1.59ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන්.
ආහාර පිසීම
ආහාර පිසීම නැකත යෙදී ඇති අද (13) දින අපරාභාග 10.05ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරි මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙළ කර ගැනීම මැනවි.
ආහාර අනුභවය
අද (13) අපරභාග 10.43ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු වෙයි.
හිසතෙල් ගෑම
හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 15 වැනිදාට යෙදී තිබේ. එදින පූර්වභාග 09.17ට යෙදෙන නැකතින් නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත් ද පයට කොළොන්පත් ද තබා හරිත වරණ වස්ත්‍රයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කළ යුතුයි.