Apr 13, 2020

නිවසේ සිට වැඩ කරන කාලය අප්‍රේල් 20 තෙක්

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට හඳුන්වා දුන්, නිවසේ සිට වැඩ කරන කාලසීමාව අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කර තිබේ.

වෛරස ව්‍යාප්තියේ ඉහළ අවදානමක් සහිත කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.  

සෙසු සියලු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා පෙරවරු 6.00 සිට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00ට යළි පනවනු ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top