May 22, 2020

මැයි 24, 25 දිවයින පුරා ඇඳිරි නීතිය

මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක වනු ඇත.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට (23) සෙනසුරාදා රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26 අඟහරුවාදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ හෙටත් ක්‍රියාත්මක අතර මැයි 26 අඟහරුවාදා සිට පෙර පරිදි ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය පහතින් දැක්වේ.

CurfewPR 670px 20 05 22

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top