May 23, 2020

IOC පෙට්‍රල් මිල යළි පහළට

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් යළි අඩු කිරීමට ලංකා අයි.ඕ.සී. සමාගම පියවර ගෙන තිබේ.

පසුගියදා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ඔවුන් පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් රුපියල් 137ක් වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලටම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන බව අයි.ඕ.සී. සමාගම නිවේදනය කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top