May 23, 2020

කොරෝනා ආසාදිතයින් 1085ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 7 ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1085 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 660ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 416ක් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ සඳහන් කරයි.

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top