May 23, 2020

සීෂෙල්ස් හි රෝගීන් පිරිසක් කටුනායකින් ලංකාවට! (වීඩියෝ) Featured

මෙරටින් ප්‍රතිකාර ලබා ගැනීමට සීෂෙල්ස් රාජ්‍යයේ සිට පුද්ගලයින් 28 දෙනෙකු අද (23) කටුනායක ගුවන් තොටුපලින් ලංකාවට ඇතුළු වූ බව ජනාධිපති අතිරේක ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා කියයි.

සීෂෙල්ස් රාජ්‍යයෙන් කළ ඉල්ලීමකට අනුව එම පිරිසට මෙරටට පැමිණීමට අවසර ලබාදුන් බවද ඔහු කියා සිටී. එරටට අයත් ගුවන් යානයකින් එලෙස මෙරටට පැමිණී සියලුදෙනා සීෂෙල්ස් ජාතිකයෝ වෙති.

ඔවුන් නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිත බව ද ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා කියා සිටී.

ඡායාරූපය - Aviation Voice

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top