Pasidol
Sathosa Ad Final Sinhala
Feb 10, 2017

ආරියදාස පීරිස් දිවිසැරිය නිම කරයි

ප්‍රවීණ මාධ්‍යවේදී, ආචාර්ය ආරියදාස පීරිස් මහතා අද (10දා) අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා 1951 අප්‍රේල් 11දා සහන නිවේදකයෙකු ලෙසින් ගුවන්විදුලියට එක්වූ අයෙකි.

ඔහු විසින් මෙහෙයවන ලද ‘ආධුනික පැය’ සහ ‘පිබිදෙන ගායක පරපුර’ ඔස්සේ කල එළි බට ජනප‍්‍රිය ගායක ගායිකාවන් බොහෝ ප්‍රමාණයක් සිටින අතර “ඔව්. නෑ බෑ මිනිත්තුවක් පමණයි, පැන පොඩි, එඩීගෙන් අහන්න, අම්බිගා ගීතයෙන් ගීතය, නිවේදක තෝරයි“ වැනි ඔහු හඳුන්වා දුන් හා ඉදිරිපත් කළ වැඩසටහන් විශාල ගණනාවක් බොහෝ ජනප්‍රිය විය.

 මිය යන විට 91 වන වියේ පසුවූ ආරියදාස පීරිස් මහතා ප්‍රවීණ ගායන ශිල්පිණී චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ පියාණන්ය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top