May 29, 2020

අද මධ්‍යම රාත්‍රියේ සිට නුවර එළියට ඇඳිරි නීතිය

අද (29) මධ්‍යම රාත්‍රී 12.00 සිට 2020.05.31 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හැර නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ අනෙකුත් සියලුම ගමනාගමන කටයුතු තහනම් වේ.

ඊයේ 28, බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත් වේ.

ජූනි 01 සඳුදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඊයේ නිවේදනයේ සඳහන් නියමයන් නොවෙනස්ව පවති.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top