Jun 03, 2020

අද සිට සෙනසුරාදා අලුයම 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය

අද රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා අලුයම 4 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය පැණවීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ලබන 06 වැනිදා සිට දෛනිකව ඇඳිරි නීතිය බලාත්මක වනුයේ රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා පමණක් බවද ඔවුන් පවසයි.

දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය බලාත්මක වන බැවින් හෙට දිනයේ රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top