Jun 30, 2020

Tiktok ඇතුළු චීන ඇප් 59 ක් ඉන්දියාවේ තහනම්

ටික්ටොක්, වී චැට් ඇතුලු චීනය විසින් නිපදවන ලද ඇප් මෘදුකාංග 59ක් ඉන්දියාව විසින් තහනම් කර තිබේ.

රටේ ආරක්ෂාවට මෙන්ම සිය ස්වෛරීභාවයට හා අඛණ්ඩතාවයට තර්ජනයක් යැයි නිවේදනයක් නිකුත්කරමින් ඉන්දියාව ප්‍රකාශ කර ඇත.

මෙම පියවර වාර්තා වන්නේ දෙරට අතර ලඩාක් දේශසීමාවේ තත්ත්වය උණුසුම් වීමත් සමගයි.

පරිශීලකයන්ගේ දත්ත සොරාගෙන අනිසි ලෙස භාවිත කරන ඇප් මෘදුකාංග සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් පැමිණිලි ලැබීමත් සමග මෙම මෘදුකාංග 59 තහනම් කරන බව ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Tiktok හි විශාලතම විදෙස් වෙළඳපොල වන්නේ ඉන්දියාව වන අතර, එරට මිලියන 120ක් පමණ Tiktok භාවිතා කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top